මව්වරු වඳභාවයට පත්කළාද යන්න නිවැරදිව දැනගන්න ලංකාවේ පහසුකම් නෑ! – ප‍්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ආර්.එන්.ජී. රාජපක්ෂ

May 29, 2019 at 10:15 am | by admin

මව්වරුන් වඳභාවයට ලක්කර ඇත්ද යන්න සොයා බැලීමට ඩයි වර්ග හෝ වෙනත් විශේෂ දියර වර්ග පැලෝපීය නාළයට ඇතුළු කරමින් සිදුකරන පරීක්ෂණ සාර්ථක නොවන බව ප‍්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ආර්.එන්.ජී. රාජපක්ෂ මහතා පවසයි.

පැලෝපීය නාළයේ නියම තත්ත්වය තීරණය කිරීම සඳහා කෙරෙන සාර්ථකම පරීක්ෂණය මෙරටදී සිදු කළ නොහැකි බව කී රාජපක්ෂ මහතා ඒ සඳහා අවශ්‍ය උපකරණ ඇතුළු පහසුකම් ශ‍්‍රී ලංකාවේ නැතැයි ද පෙන්වා දෙයි.

මෙරට සිදු කළ නොහැකි මෙම සාර්ථක ක‍්‍රමයෙන් සිදු කෙරෙන්නේ ඉතා සියුම් කැමරාවක් පැලෝපීය නාලයට ඇතුළු කිරීමය. එමගින් පැලෝපීය නාළය තුළ ඇති කෙඳි සහ ආකෘතිය නිවැරදිව දැකබලා ගත හැකි අතර ඒ තුළ ඇති ඇලෙන සුළු ගතිය, තැලීම්, අවහිරතා සියල්ල පියවි ඇසට නිරීක්ෂණය කළ හැකිය.

පැලෝපීය නාළයක ක‍්‍රියාකාරීත්වය සෙවීමට ඇති සාර්ථකම ක‍්‍රමය එය බවද, ඒ සඳහා රෝගියා නිර්වින්දනය කළ යුතු බවද විශේෂඥ වෛද්‍ය රාජපක්ෂ මහතා කීවේය. මේ සඳහා පරීක්ෂණයට භාජනය වන මව්වරුන් විදෙස් පරීක්ෂණයකට සහභාගි කරවිය යුතු බවද හෙතෙම කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස