මම හොඳ සිංහල බෞද්ධ නායකයෙක්…! හාමුදුරුවෝ පාරේ වඩිද්දි දුවං ගිහින් වඳිනවා..! අපේ පක්ෂේ අය හැමෝට ම වඩා ධාර්මිකයි..!

January 7, 2023 at 7:52 pm | by emanisa.lk

සිංහල බෞද්ධ පවුලක උපන් තමන්ට පොදු සමාජයක් ලෙස සිතන්නට කියා දුන්නේ ජාතක කතා බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක පවසයි.

ඒ ඔස්සේ තමාගේ ආධ්‍යාත්මයට බෞද්ධ සංස්කෘතිය ඇතුළු වී ඇතැයි පෙන්වා දුන් ජවිපෙ නායකයා, වැඩි දුරටත් සඳහන් කළේ පන්සලේ හාමුදුරුවන් පාරේ වඩින විට තමා දිව ගොස් වඳින බවයි.

පෞද්ගලිකව තමන්ට සිංහල බෞද්ධ ආධ්‍යාත්මයක් ඇති බවත් සිය පක්ෂයේ පිරිස අනෙක් සියලු දෙනාට වඩා ධාර්මික දිවි පෙවෙතක් ගත කරන බවත් අනුර දිසානායක අවධාරණය කරයි.

ජාතික ජන බලවේග සමුළුවක් අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *