මම යූඇන්පී ජනාධිපති අපේක්ෂකයා කියලා බොරුවක් හැදුවේ එයාලගේ මීඩියාමයි! ගෝඨාගේ ආණ්ඩුවේ භාණ්ඩාගාර ලේකම්කම දුන්නොත් ඒක භාරගන්නවා! _ ධම්මික පෙරේරා

May 20, 2019 at 6:36 pm | by admin

එළඹෙන ජනාධිපතිවරණයේ දී තමා එක්සත් ජාතික පක්ෂ කඳවුරේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බවට පුවතක් නිර්මාණය කළේ එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකය විසින් බව කෝටිපති ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරා සිය හිතමිතුරු ව්‍යාපාරිකයන් සමග පවසා ඇති බව වාර්තා වෙයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ පිළිබඳ තමා සමඟ සාකච්ඡා කළ බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කර ඇති ධම්මික පෙරේරා කෙසේ වුවද මෙම බොරුව නිසා සමාජ මාධ්‍යවල මතුව ඇති කතාබහ තමා රස විඳින බවත් ඒවා නිවැරදි කිරීමට උත්සාහ නොකරන බවත් පවසා තිබේ.

මේ ආකාරයට කාලයෙන් කාලයට එජාපය විසින් රොහාන් පල්ලවෙත්ත, නාගානන්ද කොඩිතුවක්කු, කුමාර් සංගක්කාර ජනාධිපති අපේක්ෂකයන් වශයෙන් නම් කර ඔසවා ගෙන යන බවත් කාලයක් ගත වන විට සියලු දෙනාටම ඒවා අමතක වන බවත් ඔහු මිතුරුන් සමග පවසා ඇත්තේ සිනාසෙමිනි.

ප්‍රසිද්ධ දේශපාලනයට පැමිණීමට තමාගේ කිසිදු කැමැත්තක් නැතැයි කිහිප විටක් ප්‍රසිද්ධියේ පැවසූ ධම්මික පෙරේරා සිය හිතවත් මිතුරු පිරිස සමග පවසා ඇත්තේ එළඹෙන ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුවක භාණ්ඩාගාර ලේකම් ධුරය ලබා දුනහොත් එම වගකීම ඉටු කිරීමට තමා සූදානම් බවය.

කෙසේ වුවද මේ වන විට එජාප සහ ජවිපෙ සමාජජාලා කණ්ඩායම් ධම්මික පෙරේරාගේ ජනාධිපතිවරණ සටන අරඹා ඇති අතර තිස් දහකට අධික ලයික් ප්‍රමාණයක් ඇති ධම්මික පෙරේරාගේ ෆේස්බුක් පිටුවක් ද ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *