මම පාවිච්චි කරන්නේ ඉර්ෆාන් යාළුවා දෙන අලුත්ම ඇපල් ෆෝන්..! – නාමල් රාජපක්ෂ..

February 23, 2024 at 1:19 pm | by emanisa.lk

තමන් පාවිච්චි කරන්නේ ඇපල් 15 නවතම ජංගම දුරකතනය බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ දැනට වසර 20ක පමණ කාලයක සිට නිකුත් වන අලුත් ම දුරකතනය තමන්ට ත්‍යාග ලෙස ලැබෙන බවයි.

පිටකොටුවේ ඉර්ෆාන් නම් මිතුරා සිය පැරණි දුරකතනය ගෙන අලුතින් නිකුත් වන දුරකතනයක් තමන්ට තෑගි කරන බවයි, නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළේ.

ඔහු මේ බව පැවසුවේ, මාධ්‍ය නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *