මම එංගලන්තේ දී පන්තියේ අන්තිමයා..! – සජිත්..

December 19, 2022 at 8:32 pm | by emanisa.lk

තමා ලංකාවේ පාසල් අධ්‍යාපනය ලබන විට ඉංග්‍රීසි භාෂාව හොඳින් දැන සිටි අයකු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

කෙසේ වුව ද සාමාන්‍ය පෙළ සඳහා එංගලන්තයේ පාසල් යන විට තමා එම පන්තියේ අන්තිමයා බවයි, විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ.

කෙසේ වුව ද තම පියාණන්ගේ උපදසේ අනුව දිනපතා BBC වැනි නාළිකා බලමින් පුවත්පත් කියමින් තමා ඉංගිරිසි දැනුම ඔපනංවා ගත් බව ද සජිත් ප්‍රේමදාස සඳහන් කළේ ය.

පාසල් දරුවන්ට ද එලෙස ඉංගිරිසි උගතහොත් තොරතුරු තාක්ෂණ දැනුම සඳහා මංපෙත් විවර වන බව ද ඔහු අවධාරණය කළේය.

මහරගම දී සිසු පිරිසක් අමතමින් විපක්ෂ නායකවරයා මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *