මනූෂ පන්නා සජිත් රංජන් උස්සයි…! හරීන් ආ ගිය අතක් නෑ…!

August 27, 2022 at 9:22 am | by emanisa.lk

ඊයේ (26) කොන්දේසි සහිතව ජනාධිපති සමාව ලබා නිදහස ලැබූ රංජන් රාමනායක වැලිකඩ බන්ධනාගාරයෙන් එළියට පැමිණ නැඟීමට සැලසුම් කර තිබුණේ අමාත්‍ය මනූෂ නානායක්කාරගේ රථයට බව වාර්තා වෙයි.

කෙසේ වුව ද එම අවස්ථාවට සජබ පිරිසක් පිරිවරා ගෙන අනපේක්ෂිතව කඩා වැදුණු විපක්ෂ නායක ඇතුළු මන්ත්‍රී පිරිස නිසා මනූෂ අසරණ විය.

ඔහුගේ වාහනය වැහෙන සේ විපක්ෂ නායකගේ රථය එහි නවතා තිබූ අතර රංජන්ට අවසානයේ එහි නැඟී යාමට සිදු වූයේ සජබ කණ්ඩායම මනූෂ හූ කියා පළවා හැරි නිසාය.

රංජන් රාමනායකට සිය මන්ත්‍රි ධූරය ලබා දෙන බව සහ රංජන්ට නිදහස ලැබෙන තුරු කළු සාටකයක් පළඳින බව ප්‍රකාශ කළ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මේ අවස්ථාවට එකතු නොවිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *