මදූෂ් ඇල්ලුවේ දුවගේ උපන්දින පාටියේදී! පාතාළ නායකයන් 4ක් පොලිස් නිලධාරියෙකුත් අත්අඩංගුවට! සාදයට අමල්, නදිමාල් සහ රියැලටී ගී තරු 06ක්!

February 6, 2019 at 1:59 am | by admin

මිනි මැරූම් 50කට අධික ප්‍රමාණයකට සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා සම්බන්ධ මාකඳුරේ මදූෂ් ඇතුළු පිරිස අත්අඩංගුවට පත්ව ඇත්තේ ඔහුගේ දියණියගේ උපන් දින සාදය අතරතුරය. මේ සඳහා ප්‍රකට ගායක අමල් පෙරේරා, ඔහුගේ පුතු නදිමාල් පෙරේරා සහ ලියැලටි තරඟවලින් ජයගත් 6 දෙනෙකු මෙන්ම රයන් නමැති ටෙලි නළුවෙකු ද සහභාගී ඇති අතර සියලු දෙනා අත්අඩංගුවට පත්ව තිබේ.

මෙරට පාතාලයේ දරුණු අපරාධකරුවන් වන අංගොඩ ලොක්කාගේ ප්‍රබල ගෝලයෙක්, කෙසෙල්වත්තේ ඩිනුක, කණ්චිපාන ඉම්රාන් ඇතුළු තවත් පාතාල ප‍්‍රබලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට පත්ව තිබේ. ඒ අතර මෙම මෙහෙයුමට උපාය දූතයකු ලෙස සහභාගී වූ ශ්‍රී පොලිස් නිලධාරියකු ද අත්අඩංගුවට පත්ව තිබේ. කෙසේ වුවද මෙහෙයුම අතරතුර අංගොඩ ලොක්කා පළා ගොස් තිබේ.

ඩුබායිහි තරු හයේ සුපිරි හෝටලයක පැවැත් වූ මෙම සාදය සඳහා 125කට අධික පිරිසක් සහභාගී වූ අතර මත් ද්‍රව්‍ය ළඟ නොතිබුණු සහ මත්ද්‍රව්‍ය භාවිත නොකළ පිරිස නිදහස් කිරීමට පොලිසිය කටයුතු කර තිබේ. මාකඳුරේ මධුෂ් ඇතුළු සෙසු සැකකරුවන් සතුව තිබී කොකේන්, හෙරොයින්, ගංජා ඇතුළු තවත් මත්ද්‍රව්‍ය තොගයක් ද ඩුබායි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර අත්අඩංගුවට පත් මාකඳුරේ මදූෂ් ඇතුළු පාතාළ නායකයන් මෙරටට ගෙන්වා ගැනීමේ මෙහෙයුම් අංශ කිහිපයකින් ආරම්භ කර තිබේ. ඩුබයි නීතිය අනුව මේ පිරිසට මරණ දඬුවම හිමි විය හැකි නිසා ඔවුන් ගලවා ගැනීමට දකුණු පළාතේ ප්‍රබල දේශපාලඥයකු මැදිහත් වී කටයුතු කරන බවට ද වාර්තා පළවෙයි. ඔවුන් ලංකාවට ගෙනැවිත් ඇප ලබා ගැනීම සැලසුම වී තිබේ. පසුගිය දා තවත් කුප්‍රකට කුඩු ජාවාරම්කරුවකු වන මොහොමඩ් සිද්ධික් නමැත්තාද ඇපමත නිදහස් කෙරිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *