මත් උවදුර මර්දනයට ඇතැම් ආගමික නායකයින් බාධා කරනවා..! – මහසඟ රුවනින් චෝදනා…

February 21, 2024 at 6:25 am | by emanisa.lk

මෙරට තුළ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමට කටයුතු කරන වැඩබලන පොලිස්පති දේශපන්දු තෙන්නකෝන් සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් යන මහත්වරුන්ගේ කටයුතුවලට ඇතැම් ආගමික නායකයන් ඇතුළු පිරිසක් බාධා කරන බවත්  මෙරට තුළ මත්ද්‍රව්‍ය ජාවාරම කිසියම් හෝ කෙනෙක් පාලනය කළ යුතු නිසා වර්තමානයේ එය ක්‍රියාත්මක කරන අයට බාධා නොකරන ලෙස ඉල්ලා සිටින බවත් භික්ෂූන් වහන්සේ පිරිසක් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඊයේ  (20) පැවසූහ.

මෙම විශේෂ මාධ්‍ය හමුව කැලණිය මානෙල්වත්ත මහා විහාරස්ථානයේදී පැවැත්විණි.

කැලණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත හා පෙරදිග භාෂා අධ්‍යයන අංශාධිපති මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන නාහිමියෝ එහිදී පැවසුවේ මෙරට දරුවන් පාසල් තුළදීම මත්වන තත්ත්වයකට පත්ව තිබුණද මෙතෙක් කිසිදු බලධාරියෙක් ඒ සඳහා අවධානය යොමු නොකළ බවත්ය.

වර්තමානයේ මත්ද්‍රව්‍ය පාලනය කිරීමට කටයුතු කරන වැඩබලන පොලිස්පතිවරයාට සහ පොලිසිය භාර අමාත්‍යවරයාට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා පිරිස් සිටිනවා යනුවෙන්ද සඳහන් කළහ.

කිසියම් නිලධාරියෙක් අර තනතුරට හොඳ නෑ එම තනතුරට අහවලා හොඳයි ලෙස පෞද්ගලික මත පළ කිරීම පිළිගත නොහැකි ක්‍රියාවක් බවද මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන නාහිමියෝ සඳහන් කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *