මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින්ට ඊළඟ ඡන්දෙට නොමිනේෂන් නෑ,..! – සනත් නිශාන්ත

December 26, 2022 at 12:21 pm | by emanisa.lk

ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී මත්ද්‍රව්‍ය හෝ වෙනත් සමාජ විරෝධී ක්‍රියා සඳහා චෝදනා ලද අයට පුත්තලම දිස්ත්‍රික්කයේ නාම යෝජනා නොලැබෙන බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසයි.

හලාවත මාදම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම අමතමින් ඔහු මේ බව කීය.

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ යුතු බව ප්‍රකාශ කළ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත දරුවන් විවිධ උපක්‍රම ඔස්සේ මත්ද්‍රව්‍ය සඳහා යොමු කර ගැනීමට කටයුතු කරන ජාවාරම්කරුවන් පිළිබඳ විමසිලිමත් වන ලෙස දෙමාපියන්ගෙන් ද ඉල්ලා සිටියේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *