මතලෝලී භික්ෂූන් 04 නම පුනරුත්ථාපනයට…! පන්සල පාළුවට යයි…!

December 1, 2022 at 1:14 pm | by emanisa.lk

තායිලන්තයේ කුඩා විහාරස්ථානයක වැඩ වාසය කළ භික්ෂූන් වහන්සේලා සිව් නම මත්ද්‍රව්‍ය භාවිත කරන බව තහවුරු වීමත් සමග එම පන්සල පාළුවට ගොස් තිබේ.

මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ සිදුකළ පර්යේෂණයක දී එහි වාසය කළ සියලු භික්ෂූන් අසමත් වීමත් සමග ඔවුන් පුනරුත්ථාපනය සඳහා යොමු කර තිබේ.

ඒ සමග පන්සල පාළුවට යාම නිසා ප්‍රදේශවාසීන්ට දානමයි පිංකම් කර ගැනීමේ ගැටලු මතුව තිබේ.

කෙසේ වුව ද පළාතේ ප්‍රධාන සංඝනායක හිමියන් අදාළ විහාරස්ථානය සඳහා භික්ෂූන් වහන්සේලා පිරිසක් යොමු කිරීමට කටයුතු කරන බව පවසා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *