මට බැංකු ගැන තිබ්බ බය නැති වුණා….! – හර්ෂ ද සිල්වා…

June 29, 2023 at 2:42 pm | by emanisa.lk

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් ණය කපා හැරීමක් සිදු නොවන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසයි.

ජනාධිපති සහ මහ බැංකු අධිපති විසින් පක්ෂ නායකයින් සමග පැවැත් වූ සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව කීය.

එහෙයින් දේශීය ව්‍යාපාර සහ බැංකු පද්ධතිය පිළිබඳ තමන් තුළ පැවැති බය පහව ගිය බවයි, හර්ෂ ද සිල්වා සඳහන් කළේ.

මෙහි දී සිදුවන්නේ අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල ප්‍රතිව්‍යුහගත කිරීමක් වුව ද ඒ යටතේ එහි සාමාජිකයින්ගේ ප්‍රතිලාභ කපා නොදමන බව ද හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *