මට චෝදනා කරන සජිත්ලා පිස්සු බල්ලෝ! මම පිස්සු බල්ලන්ට උත්තර දෙන්නේ නෑ! – ඇමති රවී (video)

April 18, 2019 at 7:53 am | by admin

කුමන්ත්‍රණ කරමින් එක්කෙනෙකු දෙදෙනෙකුගේ පයේ එල්ලී එක්සත් ජාතික පක්ෂයට ප්‍රශ්නයක් ඇති කරමින් වැඩ කිරීමට උත්සාහ කරන්නේ නම් තමා ඊට ඉඩ නොදෙන බව අමාත්‍ය රවී කරුණානායක පවසයි. සිය පක්ෂයට විනයක් සහ ගෞරවයක් ඇති ඒ අනුව කටයුතු කිරීමට තමා බැඳී සිටින බවත් ඇමතිවරයා අවධාරණය කරයි.

එක්සත් ජාතික පක්ෂයට කවුරු ද්‍රෝහි වුණත් තරාතිරම නොබලා තමා විරුද්ධ වන බවත් පිස්සු බල්ලකු සැපූ විට පෙරළා එම බල්ලා සපා කෑමේ පුරුද්දක් නැති නිසා තමන් ඇතැම් අවලාදවලට පිළිතුරු ලබා නොදෙන බව ද හෙතෙම පෙන්වා දෙයි.

ඔහු මෙම අදහස් දැක්වූයේ ඇමති සජිත් ප්‍රේමදාස අගමැති තනතුරට පත් කරන බවට පැතිර ගිය පුවත පිළිබඳ විය යුතුය. බැංකු කඩන එකා වසලයකු බව ද සිය බිරිඳ ලවා අල්ලස් ගන්නා අයකුට බ්‍රාහ්මණයකු විය නොහැකි බව ද ඇමති සජිත් ප්‍රේමදාස පසුගියදා ප්‍රකාශ කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *