මගේ පොත කොපියක් නෙමෙයි…! බුකර් ආයතනයට ගිහින් ඔප්පු කරනවා..! – ශෙහාන් කරුණාතිලක…

November 5, 2022 at 6:09 pm | by emanisa.lk

රාජ්පාල් අබේනායක විසින් තමන් වෙත එවන ලද කෙටි නවකතා පිටපතේ කොටස් හෝ අදහස් ‘ද සෙවන් මූන් ඔෆ් මාලි අල්මේදා’ නවකතාවේ කිසිදු ලෙසකින් අන්තර්ගතව නැතැයි එම කෘතියේ කර්තෘ ෂෙහාන් කරුණාතිලක පවසයි.

එසේ එම මාධ්‍යවේදියාගේ නවකතාවක් බවට ඔහු කරන හිමිකම් පෑම පදනම් විරහිත හා අපහාසාත්මක එකක් වන බව, තම නීතිඥයන් විසින් දන්වා ඇති බව ද, ඔහු එම සටහනේ සඳහන් කර තිබේ.

ඔහු විසින් එවන ලද අත්පිටපත හා තම නවකතාව නීතිඥයන් වෙත යොමු කළ බවත්, එය විග්‍රහ කර බැලීමෙන් පසු නීතිඥයන් කියා ඇත්තේ ඒවා ‘බුකර් සම්මාන’ ප්‍රදානය කරන ආයතනය වෙත යොමු කිරීමෙන් මෙකී චෝදනාව පදනම් විරහිත බවට සහතික කරගත හැකිවනු ඇති බවට නීතිඥයන් උපදෙස් දුන් බවත්, ශෙහාන් කරුණාතිලක තබා ඇති සටහනෙහි සඳහන් වේ.

පදනම් විරහිත හා හේතු රහිත මේ චෝදනාව, ශ්‍රී ලාංකේය ජනමාධ්‍යවේදීන් විසින් බෙදාහරිමින් සිටීම ගැන තමන් කනස්සල්ලෙන් සිටින බවත්, අදාළ ලේඛන කියවා බලන ලෙස තමන් ඉල්ලා සිටින බවත්, ඔහු කියයි.

මෙවන් ප්‍රකාශයක් කිරීමට සිදුවීම ගැන කනගාටුවට හා දුකට පත්ව සිටින බවද, මෙය ශ්‍රී ලංකාවට හා ශ්‍රී ලාංකේය ලේඛකයන්ට සැමරුම් අවස්ථාවක් විය යුතුව තිබුණේ යැයි ද සටහන් කර ඇති කරුණාතිලක මහතා, මේ කරුණ සම්බන්ධයෙන් තවදුරටත් කිසිදු අදහසක් දක්වන්නේ නැතැයි ද සිය සටහන නිමා කරමින් කියා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *