මගේ පුතා යාල පැත්ත පළාතේ ගියේ නෑ..! ගියා කියලා ඔප්පු කළොත් ඇමැතිකම අතාරිනවා..! – ඇමැති අමරවී….

October 27, 2022 at 8:36 pm | by emanisa.lk

යාල වනෝද්‍යානයේ වන සතුන්ට හිංසාකාරී ලෙස ඩිපෙන්ඩර් පැදවීමේ සිද්ධියට තම පුතාගේ කිසිම සම්බන්ධයක් නොමැති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

තමන්ට සිටින්නේ එක ම පුත්‍රයෙකු පමණක් වන අතර ඔහු යාලට තබා ගාල්ලටත් නොගිය බවයි, ඇමැතිවරයා අවධාරණය කළේ.

සිය පුතා පිළිබඳ වගකීම තමා ගන්න අතර මෙම සිද්ධියට සම්බන්ධ යැයි සාධක සහිතව ඔප්පු කළහොත් තමා දේශපාලනයෙන් සමු ගන්නා බව ද ඇමැති අමරවීර ප්‍රකාශ කළේය.

වෙනත් කිසිදු කැබිනට් ඇමැතිවරයෙකුගේ පුත්‍රයෙකු මෙම සිද්ධියට සම්බන්ධ යැයි මෙතෙක් තහවුරු වී නොමති බව ද හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *