මගේ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ අපාගත වෙනවා…! ඊට පස්සේ යමපල්ලෝ එයාව කටු ඉඹුලේ අරිනවා..! – මෛත්‍රී…

September 26, 2023 at 4:34 pm | by emanisa.lk

පත්තරේ විස්තරේ කියන්නේ යැයි හිටපු ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ, මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම බොරු කියමින් මඩ ගසමින් නින්දා අපහාස කරමින් විශාල පාපයක් සිදු කරගන්නා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

පවුල් කඩාකප්පල් කරමින් කොම්පැණි කඩා වට්ටමින් ඔහු සිදුකරන මහා පාපය දිට්ඨධම්මවේදනීය, උපපජ්ජවේදනීය හෝ අපරාපරියවේදනීය කර්ම ලෙස කිසියම් අවස්ථාවක පඩිසන් දෙන බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කරයි.

උදෑසන පත්තරේ විස්තරේ නමින් කියන බොරුවලට දිනක අපාගත වන චමුදිත සමරවික්‍රම නියත වශයෙන් ම කටු ඉඹුලේ අරිනු ඇතැයි ද මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කරයි.

හිරු නාළිකාවේ වැඩසටහනකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *