මගී බස්වලට පුපුරණ ද්‍රව්‍ය සොයන මැෂින්! මගීන් නංවා ගැනීම පසුපස දොරින් පමණයි!

April 30, 2019 at 9:36 am | by admin

පෞද්ගලික මගී බස් රථවල ගමන් ගන්නා මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පුපුරණ ද්‍රව්‍ය හා බෝම්බ හඳුනාගැනීම සඳහා සන්නිවේදන උපකරණයක් බස්රථවල පසුපස සවිකිරීමට කටයුතු කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

එම උපකරණ ගෙන්වීම සඳහා ආයතන කීපයකට දැනුම් දී ඇතැයි ද රටේ පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බවද හෙතෙම කියා සිටියේය.

මෙම උපකරණ සවිකිරීමෙන් පසු මගීහු බස් රථවලට නංවා ගැනීම පසුපස දොරෙන් සිදුකරන බවත්, ඉදිරිපස දොරෙන් මගීහු ඇතුළු කර නොගන්නා බවත් ඔහු කීය. මෙම උපකරණ ගෙන්වා ගැනීමේදී රජයේ සහයද ලබා ගැනීමට කටයුතු කරන බවත් ඔහු කීය.

කොටි ත්‍රස්තවාදය පැවති සමයේ පවා පාදු ප්‍රවාහන සේවා සඳහා මෙවැනි තාක්ෂණික උපකරණ හඳුන්වාදීමට කටයුතු කළේ නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *