බෙහෙත් ගන්න අද රෝහලට යන්න එපා…! සෞඛ්‍ය ඇතුළු ක්ෂේත්‍ර රැසක වැඩවර්ජනයක්…!

March 15, 2023 at 7:35 am | by emanisa.lk

වෛද්‍ය, වරාය, විදුලි, ජල, දුම්රිය, තැපැල්, බැංකු ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති අද (15) දීපව්‍යාප්ත එක්දින වැඩ වර්ජනයක් දියත් කිරීමට සූදානමින් සිටී.

කෙසේ වෙතත් වර්ජනයට එක්වන බොහෝ සේවා දැනටමත් අත්‍යවශ්‍ය සේවා ලෙස ජනාධිපතිවරයා ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇති බැවින් එය උල්ලංඝනය කළහොත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

රජයේ නව බදු ප්‍රතිපත්තිය, පොලී අනුපාත ඉහළ දැමීම, විදුලි බිල වැඩි කිරීම ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළකරමින් ‘වෘත්තීයවේදින්ගේ වෘත්තීය සමිති එකමුතුව’ පෙරේදා සිට වැඩවර්ජන ඇතුළු සිය වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කර තිබුණි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ, හෙට දිනයේ රජයේ සමස්ත රෝහල් පද්ධතියේම වැඩවර්ජනය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *