බුදුන් වහන්සේත් කළේ බෝන් එගේන් කිරීම තමයි…! හාමුදුරුවෝ V8 පදින ගමන් ජෙරම්ගේ ඇඳුමේ ගාණ හොයනවා..!

June 12, 2023 at 8:52 am | by emanisa.lk

බුදුරජාණන් වහන්සේ විසින් ද සිදු කළේ මිනිසුන් බෝර්න් අගේන් කිරීම බව මෙරට පාස්ටර් සභාවේ ප්‍රධාන දේවගැති නලීන් පෙරේරා සඳහන් කරයි.

අන්‍යාගමීකරණය සියලුම ආගම් විසින් සිදු කරන බවත් යුරෝපයේ පන්සල් විවෘත කරමින් කරන්නේ ද එය ම බවත් හෙතෙම පෙන්වා දෙයි.

ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා සම්බන්ධයෙන් කෑගහන අයට ඇත්තේ ඉරිසියාව බවත් කතෝලික සභාවට වෙලා තියෙන්නෙත් එයම බවත් හෙතෙම සඳහන් කරයි.

බෞද්ධ භික්ෂූන් වහන්සේලා ද සුඛෝපභෝගී රථවල යන ගමන් ජෙරම් ප‍්‍රනාන්දුගේ ඇඳුමේ ගාන හොයන බවත් මේවා විහිළු බවවත් ඔහු පවසයි.

මුදල් ආධාර එන්නෙ කතෝලික පල්ලිවලට පමණක් නොව පන්සල්වලට, ඉස්ලාම් පල්ලිවලට ද මුදල් එන බවත් ඔහු පෙන්වා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *