බියගුල්ලන් ලෙස ඉතිහාසගත නොවී මැතිවරණය තබනු..! – කාදිනල්තුමා…

February 21, 2023 at 4:54 pm | by emanisa.lk

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට බාධා නොකර, ඊට අවශ්‍ය සියලු පහසුකම් සපයාදීමට කටයුතු කරන්නැයි ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයෙන් සහ අදාළ සියලු රාජ්‍ය ආයතනයන්හි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා පවසයි.

ඡන්දය කල් දැමීමට හේතුව රජය කෙරෙහි නැගී එන ජනතා අප්‍රසාදය නම් එයට මුහුණදීමට හා ඒ ප්‍රතිඵල අනුව වෙනස්වීමට ඔවුන් නිහතමානී විය යුතු බව ද හෙතෙම කීය.

එමෙන්ම තමන් පරාජයට බිය බියගුල්ලන් කොටසක් ලෙස ඉතිහාසගතවීම වළකාගැනීමට තරම් බුද්ධියක් අප රටේ නායකයන් සතුව ඇතැයි තමන් සිතන බව ද අගරදගුරුතුමන් සඳහන් කර ඇත්තේ විශේෂ නිවේදනයක් නිකුත් කරමිනි.

කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා අගරදගුරුමැදුරේ දී අද (21) මාධ්‍ය හමුවක් පවත්වමින් මෙම නිවේදනය මාධ්‍ය වෙත ඉදිරිපත් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *