බැසිල් ඇලඩින්ගේ පුදුම පහන වගේ විප්ලවීය අයවැයක් ගේනවා…!

September 15, 2021 at 6:52 am | by emanisa.lk

මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ එළඹෙන නොවැම්බර් මාසයේ දී ඇලඩින්ගේ පුදුම පහන වැනි ඉතා හොඳ අයවැයක් ගෙන එන බව ඉඩම් ඇමති එස්.එම්. චන්ද්‍රසේන පවසයි.

තමන් එය ඉතාම විශ්වාසයෙන් සහ වගකීමෙන් යුතුව පවසන බවද අමාත්‍යවරයා අවධාරණය කරයි.

එය කිසිවෙකු නොසිතන, විප්ලවීය ආකාරයේ අය වැයක් වනු ඇතැයිද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ දී මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *