බැසිල්ගේ තේ පැන් සංග්‍රහයේ බිල ගුවන් සේවා අධිකාරිය ගෙවලා..! – මුජිබර් රහුමාන්…

November 26, 2022 at 9:30 am | by emanisa.lk

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පසුගියදා ලංකාවට පැමිණි අවස්ථාවේ පැවැති තේ පැන් සාදයක් සඳහා සිවිල් ගුවන්සේවා අධිකාරිය රු. 60 000ක මුදලක් වැයකර ඇති බවට සජබ මන්ත්‍රී මුජිබර් රහුමාන් චෝදනා කරයි.

බැසිල් රාජපක්ෂ VIP පර්යන්තයෙන් රටට පැමිණි අවස්ථාවේ ඔහු පිළිගැනීම පිණිස මැති ඇමැතිවරුන් පිරිසක් ගුවන්තොටුපළ පර්යන්තයට ගොස් තිබිණි. ඒ අවස්ථාවේ මෙම තේ පැන් සාදය පවත්වා තිබේ.

කෙසේ වුව ද රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක පවසන්නේ ඒ සඳහා සියලු ගෙවීම් පෞද්ගලිකව දරා ඇති බවත් ගුවන් සේවා අධිකාරිය කිසිදු මුදලක් ඒ සඳහා වැය කර නොමැති බවත්ය. එසේ ම ඩොලර් 200ක් ගෙවා ඕනෑ ම අයකු සඳහා VIP පර්යන්තය භාවිත කළ හැකි බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *