බැඳුම්කර සල්ලි ගහ සොලවයි! ශ්‍රීලනිප 05ක් කෝටි 125කට විකිණෙයි!

October 12, 2019 at 3:17 pm | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනකු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහයෝගය පළ කිරීම සඳහා එකතු වීමට සූදානම් වන බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකට හිතවත්කමක් දක්වන මෙම මන්ත්‍රීවරුන් සජිත් පාර්ශ්වයේ ප්‍රධාන පෙළේ ඇමැතිවරුන් දෙදෙනකු සමග සාකච්ඡා පවත්වා ඇත.

බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයකදී මෙම සාකච්ඡාව පවත්වා ඇති අතර එම මන්ත්‍රීවරුන්ට රුපියල් කෝටි 25කට අධික මුදලක් සහ කැබිනට් ඇමැති ධුර ලබාදීමටද පොරොන්දු වී ඇතැයි වාර්තා වෙයි.

මෙලෙස විකිණෙන පිරිස ඉදිරියේ දී විටින් විට එජාපයට එකතු වෙමින් දිනාගත් ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය සහ මාධ්‍ය නිදහස රැකගැනීම, ජනතාව වෙනුවෙන් තනතුරු අත්හැරීම, හෘද සාක්ෂිය, මිනි මෝරු, තාජුඩීන් ඇතුළු රස කතා රටට පැවසීමට සූදානමින් සිටිති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස