බැඳුම්කර වංචාව වගේ දෙගුණයක දැවැන්ත වංචාවක් මහපොළ අරමුදලේ කරලා!

February 20, 2019 at 10:29 am | by admin

වර්තමාන ආණ්ඩුව යටතේ බැඳුම්කර වංචාවෙන් සිදු වූ පාඩුව රුපියල් බිලියන 10ක් පමණ යැයි කියන බව ද එමෙන් දෙගුණක එනම් රුපියල් බිලියන 20ක වංචාවක් මහපොළ භාරකාර අරමුදලේ සිදු වී ඇතැයි ද පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ හෙළි කරයි.

“මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට වඩා දින 100 ඊට වඩා ලොකු වංචාවක් වුණා මහපොළ භාරකාර අරමුදලට.

මහපොළ ලලිත් ඇතුළත්මුදලි මහතා හැඳුවේ දුප්පත් ළමයින්ට පහසුකම් දෙන්නයි. එතුමා මේකට ආරක්ෂණ වැඩපිළිවෙලක් ලෙස අගවිනිසුරු මේකේ සභාපති කරන්න පනතක් ගෙනවා.

මහපොළ සම්බන්ධව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනපතිනියගේ කාලේ ඉතාමත්ම හොඳ පියවරක් ගත්තා මාලඹේ අක්කර 20ක් මහපොළට දීලා හැදුවා විශ්වවිදලායක් (මාලඹේ තොරතුරු තාක්ෂණ විශ්වවිද්‍යාලය)ඒකෙන් ලැබන ආදායම මහපොළ අරමුදලට ගෙනල්ලා ළමයින්ට දෙන පහසුකම් වැඩිකරන්නයි බලාපොරෙත්තුවුණේ.

ඒහි පාලන අධිකාරියේ සිටියේ රජයේ නිලධාරීන්. විශ්වවිද්‍යාලය සාර්ථකව කරගෙන ගියා. ඒයින් රජයේ නිලධාරීන් ශුක්ෂම ලෙස ඉවත් කළා. දැන් ඒකේ භාරකාර සමාගමක් තිබෙනවා ඒකේ ඉන්නේ ඒම ආයතනයේ කටයුතු කරපු දෙශකයන් කිහිප දෙනෙක් තමයි එහි අධ්‍යක්ෂවරු කරලා තියෙන්නේ.

මේ ආණ්ඩුව ජනවාරි මාසයේදී ආවට පස්සේ මැයි මාසේ 12 දා මාලඹේ විශ්වවිද්‍යාල සම්පූර්ණයෙන්මපවරනවා මහපොලේ අයිතිය අතහැරලා. අපි හෙව්වා මහපොළ භාරකාර මණ්ඩලය කොහෙද මේ වගේ තීරණයක් අරගෙන තිබෙන්නේ කියලා. එහෙම යෝජනාවක් සම්මත කරලා තිබුණේ නෑ. සියලු නිලධාරීන් ගෙන්නලා ඇහුවා එහෙම එකක් නෑ.

පවරන්නේ රුපියල් මිලියන 408කට. ඊට අමතරව ඉඩම තබාගෙන කුලිය ලබාගැනීමේ අයිතිය පමණක් තබා ගත්තා. ඒකට අවුරුද්දටම මහපොළට ලැබෙන්නේ රුපියල් මිලියන 20යි.

ප්‍රශ්ණය තිබෙන්නේ මේ විකුණපු වත්කම් වල වටිනාකමයි. මම එවක කැබිනට් මණ්ඩලයට වාර්තාවක් ඉදිරිපත් කළා එහි වටිනාකම මිලියන 20000කට වැඩියි. ඒ කියන්නේ බිලියන 20ක්. මහ බැංකු බැඳුම්කරයෙ වංචාව බිලියන 10ක් කියලනේ කියන්නේ. ස්ලිට් එකේ බිලියන 20යි. මහපොළට මේ මුදල් නැතිව ගියා.

මහපොළට දැන් තිබෙන්නේ බිලියන 20යි. කිසිය ආදායමක් නෑ පොලිය විතරයි. මහපොළට එන්න තිබුණ ආදායමයි නැති කළේ. මිලියන 20000ක් මිලියන 408කට විකුණුවා.

මේ ගැන විගණන වාර්තාවක් තිබෙනවා. විගණකාධිපති දෙපාර්තමේන්තුවේ වාරතාවෙන් කියනවා මහපොල භාර අරමුදලට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ තිබුණ අධිකාරිය හා රුපියල් මිලියන 1645 ප්‍රතිලාභ අහිමිවීම ගැන භාරකරුවන් වැරදිකරුවන් බව නිගයමනය කරමි කියලා.

මේ රුපියල් මිලියන 1645 කියන්නේ ඒ ආයතනය නිර්මාණය කිරීමේදී පොතේ තිබුණ වටිනාකමයි. දැන් මෙහි වටිනාකම රුපියල් මිලියන 20000කට වැඩියි. ඒවට සාක්ෂි තිබෙනවා. මම මේ ගැන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් කළා.” යැයි මන්ත්‍රීවරයා පැවැසීය.

මීට අමතරව විගණන වාර්තා අනුව ආයතනය පවරාදීමෙන් රුපියල් මිලියන 1645ක පාඩුවක්, සමාගම් දෙකක සුරැකුම්පත් නිසි ලෙස ආයෝජනය නොකිරීම නිසා රුපියල් මිලියන 1206ක්, ලොතරැයිකරුවෙකු සොයාගැනීමට රුපියල් මිලියන 688ක මුදල් වියදම් කිරීමක් සහ සුරැකුම්පත්වල ආයෝජනය නොකර මුදල් ළඟ තබාගැනීම හේතුවෙන් රුපියල් මිලියන 455ක අලාභයක් සිදුව ඇතැයිද ඔහු අනාවරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *