බද්යූුදීන්ලා ඉවත් කිරීම සහරාන්ලාගේ අරමුණු ඉටු කිරීමක්! – ජවිපෙ

May 17, 2019 at 10:16 am | by admin

අප මුස්ලිම් සමාජයේ නායකත්වය ඉවත් කරනවා නම් ඊට නායකත්වය ලබා දෙන්නේ කවුදැයි ජවිපෙ නායක අනුර දිසානායක මහතා ප්‍රශ්න කරයි.

මුස්ලිම් සමාජයේ නායකත්වය ඉවත් කළ යුත්තේ එම සමාජයට නායකත්වය ලබා දීමට අපට හැකි නම් පමණක් බව ඔහු අවධාරණය කරයි. එසේ නොමැතිව එම නායකයන් ඉවත් කිරීම සහරාන්ලාගේ උවමනාව ඉටු කිරීමක් බව ඔහු පැවසුවේය.

කෙසේ වුවද පාස්කු ඉරිදා සහරාන් හෂීම් සමග බෝම්බ පුපුරුවා ගෙන මරාගෙන මැරුණු ඊබ්‍රාහිම් සහෝදරයන් දෙදෙනා 2015 මහ මැතිවරණයේ ජවිපෙ ජාතික ලැයිස්තුව නියෝජනය කළ මොහොමඩ් ඊබ්‍රාහිම්ගේ පුතුන් දෙදෙනෙකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *