බටහිර කාන්තා අයිතිවාසිකම් සටනට තවත් දැවැන්ත ජයක්….! ස්විස් හමුදා සෙබලියන්ට කාන්තා යට ඇඳුම් ඇඳීමේ අයිතිය….!

April 2, 2021 at 11:05 am | by emanisa.lk

ස්විට්සර්ලන්තයේ හමුදා සෙබලියන්ට කාන්තා යට ඇඳුම් ඇඳීම සඳහා අවසර ලබා දීමට එරට ආණ්ඩුව පියවර ගනිමින් සිටින බව මාධ්‍ය වාර්තා කරයි.

දැනට හමුදාවට බැඳෙන භටයන් සඳහා නිකුත් කෙරෙන නිල ඇඳුම් කට්ටලයට අයත් වන්නේ පිරිමි යට ඇඳුම් පමණි.

හඳුන්වා දීමට යන අලුත් ක්‍රමය යටතේ, ස්විට්සර්ලන්තයේ හමුදාවට එක්වන නව සාමාජිකාවන්ට ලබා දෙන නිල ඇඳුම සමඟ ග්‍රීෂ්ම සහ ශීතල කාලවලදී ඇඳිය හැකි ස්ත්‍රී යට ඇඳුම් කට්ටල දෙකක් සැපයෙනු ඇත.

ස්විට්සර්ලන්ත සන්නද්ධ හමුදා තුළ කාන්තා ප්‍රතිශතය 1%ක් වන අතර වසර 2030 වන විට එය 10% දක්වා වර්ධනය කර ගැනීම ඔවුන්ගේ අපේක්ෂාව වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *