බංකොලොත් කමිටුවෙන් විපක්ෂය ඉවතට…!

July 11, 2023 at 10:33 am | by emanisa.lk

රට බංකොලොත් වීමට අදාළ හේතු සෙවීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා සහභාගි වීම විපක්ෂය සම්පූර්ණයෙන් ම වැළකී සිටීමට තීන්දු කර තිබේ.

මේ ගැටලුව සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පිහිටුවීමට විපක්ෂයේ විධායක සභාව රැස් වූ අවස්ථාවේදී තීරණය කොට ඇත.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සභාපතිවරයා ලෙස පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පත් කිරීම තුළ එම තේරීම් කාරක සභාව කතා සාප්පුවක් විය හැකි බවත් බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායම බේරා ගැනීම මේ තුළින් සිදු වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේය.

ඔවුන් මෙලෙස උත්සාහ දරන්නේ ලැබුණු මේ තාවකාලික විරාමය තුළ මොවුන්ගේ අතකොළුවන් ලවා නැවත තමන්ගේ වැරදි වහ ගන්නට බව ද හෙතෙම චෝදනා කළේ ය.

මෙම තේරීම් කාරක සභාවෙන් කිසිදු ඵලක් නොවන හෙයින් විපක්ෂය එකට එකතු වී තේරීම් කාරක සභාවක් සකස් කර රට බංකොලොත් වීමට හේතු සොයා නැවත රට ගොඩ ගැනීමට කටයුතු කිරීමට එක්වන බව ද ඔහු සඳහන් කළේ ය.

විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පිහිටුවීමට විපක්ෂයට හැකියාවක් ඇති බවත් එම කාරක සභාවට පාර්ලිමේන්තුවේ 225න් ඕනෑම කෙනෙකුට පැමිණිය හැකි බවත් සජිත් ප්‍රේමදාස පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *