පෞද්ගලික විශ්වවිද්‍යාල උපාධි සඳහා පොළී රහිත ණයක්…!

May 27, 2023 at 3:40 pm | by emanisa.lk

සිසුන් 5000කට වාර්ෂිකව පෞද්ගලික විශ්වවිද්‍යාලවල උපාධි හැදෑරීම සඳහා පොළී රහිත ණය මුදල් ලබා දීමේ යෝජනාව ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

අපොස උසස් පෙළ විභාගය සමත් වුව ද රාජ්‍ය විශ්වවිද්‍යාල වරම් හිමි නොවන සිසුන් සඳහා මෙම ණය මුදල ලබා දීමට නියමිතය.

සිසුන්ට උපාධිය හැදෑරීම සඳහා රු. ලක්ෂ 09ක් ද එදිනෙදා වියදම් සඳහා තවත් රු. ලක්ෂ 03ක් ද ඒ යටතේ හිමි වනු ඇත.

උපාධිය සම්පූර්ණ කළ පසු අදාළ ණය මුදල පොළී රහිතව ගෙවා දැමීම සඳහා වසර දෙකක සහන කාලයක් හිමි වනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *