පහළ යන උද්ධමන අනුපාතය අනුව පෞද්ගලික අංශයේ පොලී අනුපාත තව දුරටත් පහළ යා යුතු බව මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසයි.
මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (07) පැවති උත්සවයකදීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පුරෝකථනය කළ සියයට 03ක හැකිලීමට වඩා ආර්ථිකයේ ශක්තිමත් කාර්යය සාධනයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වනු ඇති බවත් උද්ධමනය සියයට 4ත් 6ත් අතර අගයක පවත්වා ගෙන යාම මහ බැංකුවේ ඉලක්කය බවත් හෙතෙම එහි දී අවධාරණය කර තිබේ.
මෙරට ආර්ථික අර්බුදය හේතුවෙන් ඇති වූ උද්ධමනය සහ මුදල් පීඩනය මැඩපැවැත්වීම සඳහා වාර්තාගත ලෙස පොලී අනුපාත ඉහළ දැමීමට පියවර ගත් අතර පසුගිය මාස දෙක තුළ ප්‍රතිපත්ති අනුපාත පදනම් අංක 450කින් පමණ අඩු කිරීමට හැකි වූ බව මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කරයි.