පොහොට්ටු සාකච්ඡාව උණුසුම්…! බැසිල් සහ සමන්ලාල් ගැටේ…!

March 24, 2023 at 7:22 am | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ සහ මොරටුව නගර සභාවේ හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු අතර බහින්බස්වීමක් සිදුව ඇති අතර ඒ සම්බන්ධ හඬපටයක් මේ දිනවල සමාජ මාධ්‍යවල සංසරණය වෙයි.

ඒ, ඊයේ (23) නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ පැවැති සාකච්ඡාවක දී බව වාර්තා වෙයි.

පසුගිය මැයි 09 වෙනිදා ගාලු මුවදොරට පහර දීමට සෙනග රැගෙන යාම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ එහි දී සමන්ලාල් ප්‍රනාන්දුට චෝදනා කරයි. එහි දී බැසිල් චෝදනා කරන්නේ මහින්ද රාජපක්ෂ ඇතුළු සියලු දෙනා විරුද්ධ වෙද්දී එම සිද්ධිය නිර්මාණය කළේ සමන් ලාල් බවටය.

ඉදිරි මැතිවරණ කටයුතු හා මැයි දිනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම හමුව කැඳවා තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *