පොහොට්ටුවේ පළුවක් ගැලවෙයි…! 50ක් සමග නව සන්ධානයක්…! නිල කාර්යාලය රාජගිරියේ…!

July 23, 2023 at 9:37 am | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සාගේ මූලිකත්වයෙන් සහ දැනට පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රීවරුන් පිරිසගේ සහභාගීත්වයෙන් ආරම්භ කිරීමට නියමිත නව දේශපාලන ව්‍යාපාරයේ නිල කාර්යාලය ඉදිරි සතියේ රාජගිරිය ප්‍රදේශයේ දී ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.

ඒ සඳහා නිමල් ලන්සා අමතරව අනුර ප්‍රියදර්ශන යාපා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ දුමින්ද දිසානායක ද එක්ව සිටින බව සඳහන්ය.

දැනට පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රීවරුන් හතළිහකට ආසන්න සංඛ්‍යාවක් මෙම නව ව්‍යාපාරයට එක් වීමට නියමිත බවත් එම සංඛ්‍යාව 50ක් දක්වා වැඩිකර ඉදිරි දේශපාලන කටයුතු ලබන ජනවාරි මාසයේ දී පමණ ආරම්භ කිරීම නියමිත බවත් වැඩි දුරටත් අනාවරණය වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *