පොහොට්ටුවේ දූෂිතයෝ අයවැය පරදා ආණ්ඩුව පෙරළන්න හදනවා…! – ඩලස් පිල….

October 28, 2022 at 8:21 pm | by emanisa.lk

පසුගියදා 22 වන ව්‍යවස්ථා සංශෝධනයට සහයෝගය ලබා නොදුන් ආණ්ඩුවේ කණ්ඩායම මේ වන විට කැබිනට් තනතුරු ඇතුළු වරදාන ඉල්ලමින් ජනාධිපතිවරයාට බලපෑම් කරමින් ඇතැයි හිටපු අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි.

දෙසැම්බර් 08 වෙනිදා වන විට එම ඉල්ලීම් ඉටු නොකළහොත් එම පිරිස අයවැයට විරුද්ධව ඡන්දය ලබා දීමේ අවදානමක් ඇති බවට ඔහු අනතුරු අඟවයි.

මේ වන විට ආණ්ඩුවට ඇත්තේ වැඩි ඡන්ද 8-12ක බහුතරයක් බවත් අයවැය දෙවරක් පරාජයට පත්වුවහොත් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට සිදුවනු ඇති බවත් මහාචාර්ය චන්න ජයසුමන වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

අද (28) නිදහස ජනතා සභාව වෙනුවෙන් මාධ්‍ය හමුවක් කැඳවමින් හෙතෙම මේ බව පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *