පොහොට්ටුවෙන් පළුවක් එජාපයට…!

October 23, 2022 at 8:41 am | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු දේශපාලනඥයින් පක්ෂයේ පිරිසක් එක්සත් ජාතික පක්ෂයට එක්ව නව සන්ධානයක් සෑදීම සඳහා මේ වනවිට සාකච්ඡා පවත්වමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

අලුතින් නිර්මාණය කරන මෙම සන්ධානය එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී ජනතාව ඉදිරියට ගෙන ඒමටත් තීරණය කර තිබේ.

එම නව සන්ධානය සඳහා ගම්පහ, ගාල්ල, පොළොන්නරුව, බදුල්ල, කෑගල්ල ආදී දිස්ත්‍රික්ක නියෝජනය කරන පොහොට්ටුවේ ප්‍රබලයන් පිරිසක් එක්වීමට නියමිතව ඇතැයි දැන ගන්නට තිබේ.

එම පිරිස දැනටමත් නිල නොලත් ලෙස ආසන ලබාගෙන ඇති බව ද දේශපාලන ආරංචි මාර්ග පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *