පොලිසිය සිදුකළ පාසැල් බෑග් පරික්ෂාව නවතා දමයි…!

December 21, 2022 at 8:35 am | by emanisa.lk

ළමයින් අතර මත්ද්‍රව්‍ය උවදුර ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත්ගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ

ඉදිරියේදී පාසලට ඇතුළු වන්නන් සහ සිසුන්ගේ පොත් බෑග් පරීක්ෂා කිරීමට අවශ්‍ය වන්නේ නම් පාසල් ගුරුවරුන්, ශිෂ්‍ය නායකයින් සහ පාසල් සංවර්ධන සමිති නියෝජිතයින්ගෙන් යුත් කමිටුවක් මගින් එම කාර්ය සිදුකළ යුතු බවටයි, එහිදී සාකච්ඡා කර ඇත්තේ

පොලිසිය ලවා පාසල් ළමුන්ගේ බෑග් පරික්ෂා කිරීම ගුරු වෘත්තීය සංගම්වල විරෝධයට හේතු විය. ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් ප්‍රකාශ කළේ එය ළමුන්ගේ පෞද්ගලික අයිතිවාසිකම් කඩකිරීමක් බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *