පොලිසියේ ඉන්නේ 85 000යි! ඉන් 38 000ක් මන්ත්‍රී ආරක්ෂාවේ! අපි රටට ආරක්ෂාව දෙන්නම්! මන්ත්‍රීලගේ ෆයිල් උස්සං යන්න පොලිසිය දෙන්න බෑ! – චමල්

September 25, 2020 at 8:02 am | by emanisa.lk

රාජකාරි කටයුතුවලට පොලිසියේ සිටින්නේ අසූපන් දහසක් පමණක් බවත්, ඉන් තිස් අටදහසක් මන්ත්‍රී ආරක්ෂාවට යොදවා ඇතැයි අභ්‍යන්තර ආරක්ෂාව භාර රාජ්‍ය ඇමති සහ වාරිමාර්ග ඇමති චමල් රාජපක්ෂ කියයි.

මන්ත්‍රී ආරක්ෂාව සඳහා දැනට ලබා දී ඇති පොලිස් නිලධාරීන් දෙදෙනාට අමරතව වෙන කිසිම පොලිස් නිලධාරියෙකු ලබා දිය නොහැකි බව ඇමතිවරයා අවධාරණය කළේය.

සමගි ජන බලවේගයේ මන්ත්‍රී බුද්ධික පතිරණ විසින් මන්ත්‍රී ආරක්ෂාව සඳහා යොදවා ඇති පොලිස් නිලධාරීන් හතර දෙනා දෙදෙනෙකු බවට පත්කර ඇතැයි නැඟූ පැනයකට පිළිතුරු දෙමින් ඇමති චමල් රාජපක්ෂ මෙසේ පැවසීය.

88-89 ජවිපෙ ත්‍රස්වාදය පැවති සමයේ මන්ත්‍රී ආරක්ෂාවට තමන් කැමති පස් දෙනෙක් උප පොලිස් සේවයට බඳවා ගැනීම සඳහා අවස්ථාව දුන් බවත් කොටි ත්‍රස්තවාදය නිසා තවත් දෙදෙනෙකු හෝ තිදෙනෙකු දුන් බවත් සඳහන් කළ ඇමතිවරයා මේ වන විට එය දෙදෙනා දක්වා පහත දමා ඇතැය සඳහන් කළේය.

“පොලිසියේ ඇතැම් කොට්ඨාශවල නිලධාරීන් නෑ. වැදගත් වන්නේ ජනතාවගේ ආරක්ෂාව ද මන්ත්‍රී ආරක්ෂාව ද? අපි රටට ආරක්ෂාව දෙනවා. මන්ත්‍රීවරුන්ට තවත් පොලිස් නිලධාරීන් දෙන්න බෑ. මන්ත්‍රීවරුන් වැඩි ආරක්ෂාවක් ඉල්ලන්නේ මහජනතාව අවිශ්වාස නිසයි. මන්ත්‍රීවරුන්ගේ බෑග් උස්සගෙන යන ෆයිල් උස්සගෙන යන්න පොලිසිය දෙන්න බෑ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස