පොලිස් හමුදා නිල ඇඳුම් හයිබ්‍රිඩ් කළ අරගලකරු අල්ලයි..!

August 24, 2022 at 3:46 pm | by emanisa.lk

ජුනි 9 වන දා කොටුව පොලිස් මූලස්ථානය ඉදිරිපිට පැවැති නීති විරෝධී රැස්වීමක සාමාජිකයෙකු ලෙස කටයුතු කරමින් රජයේ දේපළවලට හානි සිදු කිරීම සහ රාජකාරීයේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට පහර දී තුවාල සිදු කිරීම යන සිද්ධීන්ට අදාළව සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ, අදාළ සැකකරු ඊයේ (23) දින කොම්පඤ්ඤවීදියේ දී අත්අඩංගුවට ගෙන ඇති බව ය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වයස අවුරුදු 35ක් වූ හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මොහු සැකකරු ශ්‍රී ලංකා පොලිසියේ, යුද්ධ හමුදාවේ සහ රජයේ ආරක්ෂක අංශවල නිල ඇඳුම් විකෘති කර ඇඳ විරෝධතාවේ නිරතව සිට ඇති බව ද අනාවරණය වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *