පොලිස් බලු වෙන්දේසිය වහා නවතනු! රටට සේවය කළ බල්ලන්ට මියෙන තුරු සලකනු! – ⁣⁣ආරක්ෂක ලේකම්ගෙන් පොලිස්පතිට නියෝග..

September 8, 2020 at 11:28 am | by emanisa.lk

පොලිස් දෙපාර්තමේන්තුවට අනුබද්ධිතව සේවය කළ බල්ලන් විශ්‍රාම ගිය පසු වෙන්දේසි නොකරන ලෙස ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න වැඩ බලන පොලිස්පතිට නියෝග කර තිබේ.

පසුගියදා මහනුවර දී විශ්‍රාම ගිය පොලිස් බල්ලන් පිරිසක් පොලිසිය වෙන්දේසි කළ අතර ඊට සමාජ මාධ්‍යවල විරෝධය එල්ල විය.

එම බල්ලන් මිල දී ගත් අය උන්ට හොඳින් නොසලකන බව ද පසුව මාධ්‍ය වාර්තා කළේය.

රට වෙනුවෙන් රාජකාරී කළ බල්ලන් වෙන්දේසි නොකරන ලෙස ද මිය යන තුරු හොඳින් රැකබලා ගන්නා ලෙස ද ⁣ආරක්ෂක ලේකම්වරයා පොලිසියට නියෝග කර ඇත.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *