පොලිස්, ඉඩම් බලතල නොමැතිව වුව ද සුළුතරයක් වූ උතුරේ දෙමළ බෞද්ධයන්ගේ ආගමික නිදහස උල්ලංඝනය කරමින් කටයුතු කරන මෙම අන්තවාදී දේශපාලකයන්ට 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ඉඩම්, පොලිස් බලතල ලබාදුන හොත් කෙබදු තත්ත්වයක් නිර්මාණය වනු අත්දැයි යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්ත ප්‍රශ්න කරයි.
ඉකුත් දා කන්කසන්තුරේ ඓතිහාසික තිස්ස විහාරයේ වස් ආරාධනා පිංකමට පැමිණි ජනතාවට බාධා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර පොන්නම්බලන් ඇතුළු ඔහුගේ අනුගාමිකයන් පිරිසක් කටයුතු කිරීම පිළිබඳ අදහස් දක්වමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.
තිස්ස විහාරයේ ආගමික කටයුතුවලට පැමිණි බෞද්ධ පිරිසට බාධා නොකරන ලෙස උසාවි නියෝගයක් පවා පනවා තිබිය දී මෙම කනගාටුදායක සිද්ධිය ඇති වූ බවයි, අරුණ් සිද්ධාර්ත් වැඩි දුරටත් සඳහන් කළේ.
වීඩියෝව…