පොලිස්පති තේරීම කාදිනල්ගේ වැඩක් නෙමෙයි..! එතුමා කළේ නුසුදුසු වැඩක්..! – කතානායක…

July 4, 2023 at 12:45 pm | by emanisa.lk

පුරප්පාඩු වී පවතින පොලිස්පති ධූරය සඳහා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන දේශබන්දු තෙන්නකෝන් හෝ නිලන්ත ජයවර්ධන යන අයගේ නම් යෝජනා වුවහොත්, ඔවුන් පිළිබඳව සලකා බැලීමක් හෝ නොකරන ලෙස, මැල්කම් රන්ජිත් කාදිනල් හිමිපානෝ ව්‍යවස්ථා සභාවට ලිඛිතව දැනුම් දී තිබේ.

ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා වන්නේ කතානායක මහින්ද යාපා අබේවර්ධනය.

මීළඟ පොලිස්පති ලෙස එක් අයෙකු තෝරා ගැනීම සඳහා, සුදුසු පුද්ගලයන් තිදෙනෙකුගේ නම්, ජනාධිපතිවරයා විසින් අද දිනයේ දී ව්‍යවස්ථා සභාව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

කෙසේ වෙතත්, කාදිනල් හිමියන් විසින් ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කර තිබෙන එකී විරෝධතා ලිපිය සම්බන්ධයෙන් ද මෝර්නිං පුවත්පතට කතානායකවරයා පවසා ඇත්තේ, එය සම්පූර්ණයෙන්ම නුසුදුසු ක්‍රියාවක් ලෙසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *