පෙරටුගාමී බෝපගේට ජිනීවා ගියේ NGO සල්ලිවලින්…!

September 13, 2022 at 9:33 am | by emanisa.lk

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරිකයෙකු වන නීතීඥ නුවන් බෝපගේ ජිනීවා මානව හිමිකම් සමුළුව ඇමැතීම සඳහා පසුගියදා එහි ගියේ ය.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට සහ අරගලයට එරෙහිව ආණ්ඩුව දියත් කර ඇති මර්දනයට එරෙහිව කරුණු දැක්වීම එහි අරමුණයි.

ඔහුගේ ජිනීවා චාරිකාව සඳහා සියලු වියදම් දරා ඇත්තේ ෆෝරම් ඒෂියා (forum asia) නම් රාජ්‍ය නොවන සංවිධායනක් බව වාර්තා වෙයි.

එය බටහිර සහ ඇමරිකානු රාජ්‍ය නොවන සංවිධාන ගණනාවක ආධාර යටතේ ක්‍රියාත්මක වන ආසියාවේ මානව හිමිකම් පිළිබඳ කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධානයකි.

ශ්‍රී ලංකා රාජ්‍යයට එරෙහිව ක්‍රියාත්මක වූ ගාලු මුවදොර අරගලය සඳහා දායකත්වය ලබා දුන්නේ ද රාජ්‍ය නොවන සංවිධාන සහ තානාපති කාර්යාල බවට චෝදනා නැඟෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *