පෙබරවාරි 04 දහවල් දනට ඥානසාර හිමි වඩිනවා! (video)

January 30, 2019 at 6:50 am | by admin

ශ්‍රී ලංකන් ගුවන් සේවාව සහ රටේ මහ බැංකුව තුළින් රුපියල් ප්‍රකෝටි ගණනින් හොරකම් කළ තක්කඩි නිදහසේ සිටින රටේ ඥානසාර හිමි අවුරුදු 19කට සිරගත කිරීමට කළ වරද කුමක් දැයි රාවනා බලය සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි ප්‍රශ්න කරයි.

රටේ දිශානතිය වෙනස් කළ එන්ජීඕකාරයන් දහ පහළොස් දෙනෙකුට අයත් ජිනීවා ගොස් හමුදාව රසායනික අවි භාවිත කළේ යැයි බොරු කී 1818 විමුක්ති අරගලය පාවා දුන් පරපුරෙන් පැවත එන චිංචිමානවිකාවගේ බොරු චෝදනා සහ සාක්ෂිවලට අනුව ඥානසාර හිමි සිරගත කිරීම අසාධාරණ බවත් රට පාවා දෙන ෆෙඩරල් ව්‍යවස්ථාව ගෙන ඒමට සහ ඇමරිකාවට කඳවුරු රටේ ඉදි කිරීමට සූදානම් වන අවස්ථාවක උන් වහන්සේ රටට අත්‍යවශ්‍ය බවත් එහිමියෝ අවධාරණය කළහ.

ජනාධිපතිතුමා හමු වී මේ අසාධාරණය පෙන්වා දුන් බවත් ඒ පිළිබඳ තීන්දුවක් ගන්නා බව එතුමා ප්‍රකාශ කළ බවත් පෙබරවාරි 04 වෙනි දින දහවල් දානයට ඥානසාර හිමි වඩිනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද එහි දී ප්‍රකාශ විය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *