පුවක් අස්වනු පහත වැටේ….! රට පුරා දැඩි පුවක් හිඟයක්…! ගෙඩියක් රු. 20ට යයි…!

June 29, 2021 at 8:44 pm | by emanisa.lk

වෙළෙඳපොළේ පුවක් මිල වේගයෙන් ඉහළ ගොස් ඇති අතර මේ වන විට පුවක් ගෙඩියක මිල රුපියල් 20 දක්වා ඉහළ ගොස් තිබේ.

දිනපතා පළවන පුවත්පතකට පුවක් වගාකරුවන් ප්‍රකාශ කර තිබෙන්නේ පුවක් අස්වැන්න අඩුවී තිබෙන බවත් ඒ අනුව පුවක් මිල ඉහළ ගොස් ඇති බවත්ය.

මේ වන විට ඇතැම් ප්‍රදේශවල පුවක් ගෙඩියක මිල රුපියල් 15 සිට රුපියල් 20 දක්වා ඉහළ ගොස් ඇති බවට වාර්තා වන අතර පුවක් මිල ඉහළ යෑම හේතු කොට ගෙන බුලත් විටක මිලද ඉහළ ගොස් තිබේ. බුලත් විට බැන්ද ඇතැම් අය පුවක් හිඟය නිසා එය නවතා දමා තිබේ.

මැදදුම්බර, කුණ්ඩසාලේ, පන්විල යන ප්‍රදේශවල පුවක් වැඩි වශයෙන් වගා කරන අතර පැවැති කාලගුණ තත්ත්වය ද පුවක් අස්වැන්න අඩු වීමට හේතුවක් වී ඇති බව වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *