පුරාවිද්‍යා කොමසාරිස් ගෙදර ගියේ ජනාධිපති බැන්න නිසා නෙමෙයි..!

June 14, 2023 at 1:55 pm | by emanisa.lk

පුරාවිද්‍යා කොමසාරිස් මහාචාර්ය අනුර මනතුංග එම තනතුරෙහි සේවය කළේ කොන්ත්‍රාත් පදනම යටතේ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

වසර දෙකක කොන්ත්‍රාත් කාලයක් සඳහා එහි සේවයට පැමිණි මහාචාර්ය අනුර මනතුංග තවත් වැඩි පුර වසරක් එම තනතුරෙහි සේවය කළ බව ද හෙතෙම පෙන්වා දෙයි.

ඔහු අදාළ තනතුරින් ඉල්ලා අස්ව නැවත කැලණිය විශ්වවිද්‍යාල මහාචාර්ය ධූරයේ සේවය සඳහා යන බව සඳහන් ලිපියක් බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක වෙත යොමු කර ඇතැයි ද බන්දුල ගුණවර්ධන සඳහන් කරයි.

ඇමැතිවරයා අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය පිළිගෙන ඇතැයි ද හෙතෙම ප්‍රකාශ කළේ, ඊයේ (13) කැබිනට් මාධ්‍ය හමුවට එකතු වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *