පුංචි මන්ත්‍රීවරුන්ට සජිත්ගෙන් නීති…! විනය කැඩුවොත් මන්ත්‍රීකම අහෝසියි…!

January 16, 2023 at 7:42 pm | by emanisa.lk

සමගි ජන බලවේගයට බලය තිබෙන ප්‍රාදේශීය සභා තුළ සිටින මන්ත්‍රීවරු සඳහා ඉදිරියේ දී ආචාර ධර්ම පද්ධතියක් ගෙන එන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

එම ආචාර ධර්ම පද්ධතිය කඩ කළහොත් මන්ත්‍රීකම නැති වන ලෙස සියලු මන්ත්‍රීවරුන්ගෙන් දිවුරුම් ප්‍රකාශයක් ලබා ගන්නා බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කරයි.

එසේම ඔවුන්ට කොන්ත්‍රාත් කිරීම තහනම් කරන බවත් විනීත හා ශිෂ්ඨ සම්පන්න මන්ත්‍රීවරු පිරිසක් බිහි කිරීම වෙනුවෙන් මෙම කටයුතු මෙහෙයවන බවත් සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරයි.

පදවි ශ්‍රී පුර පැවැති ජන හමුවක් අමතමින් හෙතෙම මේ බව පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *