පුංචි ඡන්දේ නාම යෝජනා අවලංගු කරනු…!

July 18, 2023 at 12:15 pm | by emanisa.lk

පළාත් පාලන මැතිවරණය පවත්වන්නෙ නැතිනම් එම නාමයෝජනා අවලංගු කරන ලෙස උත්තර ලංකා සභාගයේ සභාපති, හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

මේ මැතිවරණය තියන්නේ කවදාද කියා කිසිම අදහසක් නැතැයි වීරවංශ මහතා සඳහන් කළේය.

එහෙයින් මැතිවරණය නොපවත්වන්නේ නම් නීතියක් ගෙනැවිත් මේ නාමයෝජනා අවලංගු කරන ලෙස හෙතෙම ඉල්ලා සිටියේය.

එවිට ඊට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ට නියමිත පරිදි රැකියාවලට යාමට හැකි බව ද විමල් වීරවංශ සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *