පැරණි ක්‍රමයට ඡන්දේ තිබ්බොත් රට ආපස්සට යනවා! ඡන්ද නොතබා ඉදිරියට යමු!

February 1, 2019 at 2:42 am | by admin

2015 ජනවරම හිමිවූයේ මනාප ක්‍රමය වෙනස් කිරීමට බවත් ආපසු පැරණි ක්‍රමයටම මැතිවරණ පවත්වන්නේ නම් එය රට ආපස්සට යාමක් බව කණගාටුවෙන් වුවත් ප්‍රකාශ කළ යුතු බවත් මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක මහතා පවසයි.

මැයි 31 වනදාට පෙර සියලු පළාත් සභා මැතිවරණ පවත්වන ලෙස කැබිනට් පත්‍රිකාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කර ඇතත් ඊට පෙර සම්පූර්ණ කරගත යුතු කරුණු පවතින හෙයින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඒ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල රැස්වීමක් ලබන සතියේ කැඳවා ඇති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

“ජනාධිපතිතුමා යෝජනා කරලා තිබුණට ඊට ප්‍රථම කරුණු කිහිපයක් වෙන්න ඕනේ. එකක් තමයි දැනට අපි පාර්ලිමේන්තුවේ සම්මත කරලා තියෙන නව පළාත් සභා මැතිවරණ ක්‍රමය පාර්ලිමේන්තුව විසින්ම සියලු පක්ෂ එක්වෙලා වෙනස් කරන්න ඕනෙ. ඒ සඳහා අගමැතිතුමා ලබන සතියේ කැඳවීමක් කරලා තියෙනවා පාර්ලිමේන්තුවේ රැස්වීමක්.”

“දෙවැනි කාරණය තමයි එක දිනයකදී පළාත් සභා මැතිවරණය තියන්න නම් ඌව පළාත් සභාව විසුරුවා හරින්න වෙනවා ඊට කලින්. ඒවගේම මනාප ක්‍රමය වෙනස් කරනවා කියලා තමයි මේ ආණ්ඩුවට ජනවරම ලැබුණේ. ආපහු පරණ ක්‍රමයටම යනවා නම් ඒක රට ආපහු යාමක් කියලත් කියන්න ඕනෙ කණගාටුවෙන් හරි” යනුවෙනුයි අමාත්‍යවරයා සඳහන් කළේ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *