පාස්කු ප්‍රහාරය එල්ල කළේ ගෝඨාභය! පාස්කු ප්‍රහාර කමිටුවෙන් සුවිශේෂ හෙළිදරව්වක්!

June 24, 2019 at 4:35 pm | by emanisa.lk

පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බව පාස්කු තේරීම් කමිටුවේ සාමාජික ඇමැති රාජිත සේනාරත්න හෙළි කරයි. මෙම කරුණ ඔහු හෙළි කළේ දෙරණ නාළිකාවේ ‘මොකද වුණේ?’ වැඩසටහනට එක්වෙමිනි.

මේ වනවිට කර ඇති පරීක්ෂණ අනුව ප‍්‍රහාරයේ වගකීම පැවරෙන්නේ කාටදයි නිවේදකයා විමසූ විට ඇමතිවරයා මේ බව කියා සිටියේය.

ගෝඨාභය රාජපක්ෂ විසින් චූදිත ත්‍රස්තවාදී සංවිධානයේ සහරාන් ඇතුළු 26 දෙනෙකුට පඩි ගෙවා ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.

මෙම එල්ලකරන චෝදනාවන් නීතිය හමුවට ගෙන එන්නට ගියහොත් රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති වන බව කී ඇමතිවරයා මෙවන් කාරණා රටට හෙළි කිරීමට සිදුවූයේ ප්‍රහාරය සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවට ඇඟිල්ල දිගු කළ නිසා බවද කියා සිටියේය.

ප‍්‍රහාරය සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවේ නිලධාරීන් පිරිසක්ද වගකිව යුතු බවත් ඔහු පැවසිය.

ඉදිරි ජනාධිපතිවරණයට නාමයෝජනා ලැබුණොත් දෙපාර්ශවයේම ඡන්ද ලබා ගෙන දිනලා පෙන්වන බව ද තමන්ට එරෙහිව ලංකාවේ වෛද්‍යවරුන් ලෝක සෞඛ්‍ය සංවිධානය පාපිස්සක් තරම්වත් ගණන් නොගන්නා බවත් ඇමතිවරයා අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස