පාස්කු ප්‍රහාරයේ වගකීම නිලධාරීන්ට නොපවරා කමිටුව හමුවට එන්න! – හිරුණිකාගෙන් ජනපතිට ඇරයුමක්…..

July 11, 2019 at 8:54 am | by emanisa.lk

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට පැමිණ එම ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු නිර්භීතව ප්‍රකාශ කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ආරාධනා කර සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.

කොළඹ අරලියගහ මන්දිරයේ අද (10දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව පැවසුවාය.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ පෙනී සිටිමින් පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා දේ සහ එම ප‍්‍රහාරයට මුහුණදුන් පිරිසට සාධාරණය ඉටුකරන ආකාරය පිළිබඳවද එහිදී පැහැදිලි කරන්නැයි මන්ත්‍රීවරිය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළාය.

තමන් තේරීම් කාරක සභාවට කැඳවුවහොත් සාක්ෂි ලබාදීම සඳහා ඉදිරිපත් වන බවට අගමැතිවරයා සඳහන් කර ඇති බව පෙන්වා දුන් මන්ත්‍රීවරිය, ජනාධිපතිවරයාටද නිර්භීතව ගොස් තමන් දන්නා දේ සහ රටේ ජනතාව දැනගත යුතු දේවල් ප‍්‍රකාශ කරන්නැයි ඉල්ලා සිටින බවද සඳහන් කළාය.

පොලිස්පතිවරයාටත්, හිටපු ආරක්ෂක ලේකම්වරයාටත් පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ වගකීම පවරාදෙමින් ප‍්‍රහාරයට වගකිවයුතු බලධාරීන්ට අත සෝදාගැනීමට නොහැකි බවද ඒ මහත්මිය පැවසුවාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස