පාස්කු කොමිසම ගැන ජනපතිගේ අමාත්‍ය අනු කමිටුව පිළිගන්න බෑ….! නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සර්වපාක්ෂික කමිටුවක් ඕන…! – කාදිනල්තුමා…

August 13, 2021 at 4:43 pm | by emanisa.lk

පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශන සිදුකළ ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා එක් පක්ෂයක සාමාජිකයින්ගෙන් යුත් කමිටුවක් පත් කරනවා වෙනුවට සියලු පක්ෂවල නියෝජනයක් සිදුවන පරිදි නව කමිටුවක් පත් කරන ලෙස අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි..

“එක දේශපාලන පක්ෂයක සාමාජිකයන්ගෙන් සැදුම්ලත් කමිටුවක් ජනාධිපති කොමිසමේ වාර්තාවේ නිර්දේශවලට උඩින් පත්කිරීම අපි කිසිසේත් පිළිගන්නේ නෑ.

මේ සිදුවේ ගෙන යන ක්‍රියාදාමය තුළින් සත්‍ය එළියට එයි කියලා අපිට කිසිසේත් විශ්වාස කරන්නට බෑ.

නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබඳ කමිටුවක් පත්කරන්න අවශ්‍ය නම් සියලුම පක්ෂවල අය සම්බන්ධ වෙන කමිටුවක් වියයුතුයි.”

උන්වහන්සේ මේ බව සඳහන් කළේ පාස්කු ඉරුදින ප්‍රහාරයේ සත්‍ය සොයා පෙළගැසෙමු යන මැයෙන් අද (13) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස