පාසලේ විනය භාර හිමිනම ගුරුන් සමග මත්පැන් සාදයක…!

July 19, 2023 at 12:42 pm | by emanisa.lk

මහියංගණ අධ්‍යාපන කලාපයේ මැදයාය ගම්මානයේ පාසලක ගුරු නිවාසයේ ගුරු පිරිසක් සහ හිමි නමක් පසුගියදා රාත්‍රී මත්පැන් සාදයක් පවත්වා ඇතැයි වාර්තා වෙයි. මෙම හිමිනම අදාළ පාසලේ විනය භාර ආචාර්යවරයා බව ද සඳහන් ය.

පාසලේ කුඩා දරුවෙකු හඬනු ඇසෙන බවට 119 දුරකතන අංකයට ලැබුණු පැමිණිල්ලක් අනුව පොලිසිය සහ ප්‍රදේශවාසීන් පාසලට පැමිණ පරික්ෂා කිරීමේ දී මෙම සිද්ධිය අනාවරණය වී තිබේ.

කුපිත වූ ප්‍රදේශවාසීන් අදාළ පිරිසට පහර දීමට උත්සහ කළ ද පොලිසිය මැදිහත් වී එය වළක්වා තිබේ.

දරුවෙකු ලෙස හඬමින් සිට ඇත්තේ අධික ලෙස බීමත් වූ භික්ෂුව බවත් අධික රුධිර පීඩනයෙන් පෙළුණු භික්ෂුව ඒ අවස්ථාවේ ම රෝහල්ගත කළ නිසා බේරාගත හැකි වූ බවත් වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *