පාසල් සිසුවියන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා….!

April 2, 2024 at 12:53 pm | by emanisa.lk

පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා ලබාදීමේ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ලංකාවේ සමස්ත පාසල් ශිෂ්‍ය සංඛ්‍යාව මිලියන හතරක් පමණ වන අතර වැඩිවියට පත් ශිෂ්‍යාවන් මිලියන 1.2 ක් පමණ සිටින බව ගණනය කර ඇත.

එම ශිෂ්‍යාවන් අතුරින් අති දුෂ්කර පාසල්, දුෂ්කර පාසල්, හුදෙකලා පාසල්, වතු පාසල් හා දරිද්‍ර පවුල්වල ළමුන් ඉගෙනුම ලබන පාසල්වල ශිෂ්‍යාවන් 800000කට 2024 වර්ෂයේ අප්‍රේල් මස සිට නොමිලේ සනීපාරක්ෂක තුවා ලැබෙනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *